මො/ගෝනගංආර කනිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

10 සහ 11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි කඳවුර 2024 නොවැම්බර් මස 22 වන දින පැවැත්වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-11-07 at 22.02.49_8b1dae75.jpg
WhatsApp Image 2024-11-07 at 23.14.30_3d2508a0.jpg
grade 5.jpg
IMG-20241106-WA0211.jpg
පාසලේ ඉතිහාසය

ඌව වෙල්ලස්සේ යාල වනෝද්‍යානය අභිමුඛව ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල  අද වන විට මුළු මහත් ප්‍රදේශටම ආලෝකයක් වූ කීර්තිමත්  විදු බිමක් බවට පත් ව ඇත.

වර් ෂ  1978   දී ගෝනගංආර ගම්මානයේ  පදිංචි  ලීලාවතී මෑණියන් විසින් ගම්මානයේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති පසුබිමක පාසලක අවශ්‍යතාවය මත තම වගාවන් සඳහා යොදාගෙන තිබූ අක්කර 5ක් පමණ ඉඩම ඒ සදහා පරිත්‍යාග කරන ලදී. එවකට සිටි ග්‍රාමීය ප්‍රභූන් හා ගම්වාසීන්ගේ ශ්‍රමදායකත්වයෙන් වැල්ලවාය මහජන මන්ත්‍රී ජේ.ඇම්.කුමාරදාස මහතාගේ අනුග්‍රහකත්වයෙන්  විදුමාතාවට මුල්ගල තබන ලදි. ගඩොලින් බැද ,පොළොවට සිමෙන්ති දමා,වහලයට තාවකාලික ලී දමා,පොල් අතු සෙවිලි කර අඩි 100×20  අර්ධ තාවකාලික ගොඩනැගිල්ල 1978 ජුනි 11  වන දින නව  පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම සදහා  මොනරාගල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක එච්.කේ.රූපසිංහ මහතා විසින් ඇම්.දයා නිලන්ති රේණුකා  ශිෂ්‍යාවගේ නම පළමු අංකය යටතේ ඇතුලත් කිරීමේ ලේඛනයෙ සටහන් කරන ලදි.  සිසු සිසුවියන් 116 ක් පමණ මුලින් ම පාසලට ඇතුළත් කරගෙන තිබේ. මුල් ම  විදුහල්පතිතුමා වශයෙන් සේවය කාළේ ජේ.ඇම්.මුදලිගේ මහතායි. පාසලේ ඩෙස් පුටු ආරම්භයේ සිටම නොතිබු බැවින් දරුවන් බිම පැදුරුවල හිඳ ඉගෙනීම් කටයුතුවල නිරත වූ අතර පසු කාලීනව දරුවන්ගේ දෙමව්පියන් විසින් ඩෙස් බංකු සකස් කර දී තිබේ. මෙතුමා වසර 2ක් ගත වීමට පෙර සිසු සිසුවියන් 164 ක් දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට කැපවී සේවය කර ඇති බව අපට කිවහැකිය. එසේම ක්‍රමක්‍රමයෙන් සිසුන්ගේ  ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම  සෞඛ්‍ය හා ශාරීරික සංවර්ධනය සදහා පුබුදු ප්‍රජා මණ්ඩලයේ සහය ලබා ගෙන මුල්ම වරට 1982 වර්ෂයේ දී  පාසල් දරුවන්ට කොළ කැද ලබාදෙන ලදි.

එවකට විදුහල්පතිතුමා වශයෙන් සේවය කළ ජේ.ඇම්.මුදලිගේ මහතා  පරණමාන හා කේ.ඒ.පියසේන යන ගුරු මහතුන් 2 කුගේ සහය ලබමින් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතුවල නිරත වූහ.1980 මැයි මස 29 වන දින මුල්ම සීල සමාදාන පින්කම පැවැත්වීණි. ඉන් පසුව පාසලට අවශ්‍ය වු වැසිකිලි පහසුකම් ද ගුරු නෙවාසිකාගාරයක් ද 1981 වර්ෂයේ දී සකස් කරන ලදී. පාසලේ පොල් අතු සෙවිලි කර තිබු  තාවකාලික වහලය ස්ථිිර වශයෙන් 1981 මාර් තු මස 11 වන දින  සකසන ලදි.1983 වර්ෂය වන විට දරුවන් 189 ක් දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පහසුකම් සකසන ලදි. එම වර්ෂයේදී ම මිහිර පුවත්පත පාසල් දරුවන්ට ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. කේ.ඒ.පියසේන මහතා , එස්.එම් ගුණදාස මහතා හා ඩී.ඇම්.අබේරත්න මහතා යන  විදුහල්පතිතුමන්ලා 1988 දක්වා සේවය කරන ලදි.

1985 ජනවාරි මස පළමු ගුරුතුමිය වන J.A.D.S ස්වර්ණකාන්ති මිය පාසලට  පැමිණ වැඩභාර ගත්තා ය. 

1992 පියසේන විදුහල්පතිතුමාගේ කාලයේ- ගොඩනැගිලි විශාල ප්‍රමානයක් පාසලේ ඉදී වන ලදි. තවද -විද්‍යාගාරය ,පුස්තකාලය හා ප්‍රධාන ශාලාව .

ක්‍රමයෙන් වසර ගණනාවක් ගතවත් ම 1990 වර්ෂය පමණ වන විට ගුරුභවතුන් 2 කුගෙන් ආරම්භ වූ ගුරු මණ්ඩලය 16 දෙනෙක් දක්වා වර්ධනය විය. අද වන විට දරු දැරියන්  350කට ආසන්න පිරිසක් ගුරුභවතුන් 25කින් අධ්‍යාපනය ලබන පසුබිමක් පාසල තුළ ඇති කිරීමට ඇප කැපවී කටයුතු කළේ එදා මෙදා තුර පාසලේ සේවය කළ විදුහල්පතිතුමන්ලාත් ගුරු මණ්ඩලයේ සියලුම දෙනාත් බව මෙහිදී අමතක නොකළ යුතුය. තවද සෑම අයුරින්ම පාසල් පරිසර හිතකාමී ලෙස ගොඩ නැගීම සඳහා අවශ්‍ය සහය ලබා දුන් දරුවන් ගෙ දෙමාපියන් ද බුත්තල කොට්ඨාස කාර්යාලය හා වැල්ලවාය කලාප කාර්යාලය පාසලේ විදුහල්පති ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන් සමග අත්වැල් බැඳගෙන මග පෙන්වු බවත් සිහිපත් කළ යුතුය.

ආරම්භ කළ වර්ෂය

1978 ජුනි 11

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

116

මුල් ගුරුතුමාගේ නම

එම්. ඒ. ජයසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ඇම්.දයා නිලන්ති රේණුකා

ප්‍රථම ශීෂ්‍යයාව භාරගත් වකවානුව

1978 ජුනි 11