නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කේ.ඒ.දිල්හානි දීප්ති ලංකා මිය
මො/ගෝනගංආර කනිෂ්ඨ විද්‍යාලයේ වනාහි යාල වනෝද්‍යානය මායිමේ පිහිටි ඇති දුෂ්කර පාසලකි. පාසලේ අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ බොහෝමයක් මව් දෙමව්පියන් ප්‍රධාන ජිවනෝපාය වශයෙන් ගොවිතැන් කටයුතුවල නිරත වන අතර පැල්වත්ත සීනී සමාගමේ කම්කරුවන්ය. එවැනි ජීවන පරිසරයකින් සැදුම්ලත් අප විද්‍යාලයේ සිසු සිසුවියන් තාක්ෂණය සමග මුසු වී ජයග්‍රාහි ලොවකට පියමන් තනන්නට වෙර විරීය දරමින් සිටි. කලයාගේ ඇවැමෙන් ඌව දනව්වේ දීප්තිමත් පාසලක් බවට පත්වීමට ගත්තා වූ මහත් වැයමකි. අප විද්‍යාලයේ වර්තමානයේ අධ්‍යාපනික හා විෂය සමගාමි ක්‍රියාකාරකම්වලින් පෙරටුවට ගමන් කරමින් සිටි. මෙම සාර්ථක ගමන් මගට උරදුන් පාසලේ සිටි විදුහල්පතිවරු, ගුරුමණ්ඩලය මෙන්ම වරතමානයේ සිටින විදුහල්පතිතුමා හා ගුරුමණ්ඩලය වෙර වීර්ය වඩමින් දරුවන් අනාගතයේ දැනුමින් කුසලතාවලින් හෙබි යහපත් පුරවැසියන් කිරීමේ දැක්මෙන් යුතුව පිය නගන අප නිසැකවම කිව හැකිය. එසේම අප විද්‍යාලයේ සිසු සිසුවියන්ට තාක්ෂණය සමග මුසුවී එම දැක්ම සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව නිරන්තරයෙන් ලැබේවාය.මා ප්‍රාර්ථනා කරමි.
කේ.ඒ.දිල්හානි දීප්ති ලංකා මිය
අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිනි
මො/ගොනගංආර කනිෂ්ඨ විද්‍යාලය.









