මො/ගෝනගංආර කනිෂ්ඨ විද්‍යාලය

10 සහ 11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි කඳවුර 2024 නොවැම්බර් මස 22 වන දින පැවැත්වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-11-07 at 22.02.49_8b1dae75.jpg
WhatsApp Image 2024-11-07 at 23.14.30_3d2508a0.jpg
grade 5.jpg
IMG-20241106-WA0211.jpg

1978 -1982

ජේ.ඇම්.මුදලිගේ මහතා

ගෝනගංආර ගම්මානයේ පිහිටුවන ලද අප ව්ද්‍යාලය ආරම්භක ව්දුහල්පතිවරයා වශයෙන් 1978 වර්ෂයේ සිට 1982 වර්ෂය දක්වා අඛණ්ඩව විදුහලේ අභිවෘදිය උදෙසා සුවිසල් මෙහෙයක් ඉටු කරන  ලදි. සිසු සිසුවියන් 116 කින් පාසල ආරම්භ කළ මෙතුමා වසර 2ක් ගත වීමට පෙර සිසු සිසුවියන් 164 ක් දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට කැපවී සේවය කර ඇති බව අපට කිවහැකිය.එසේම කේ. ඒ.පියසේන හා ආර් එම්. පරණමාන යන ගුරු මහතුන් සමඟ පාසලේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කර ඇති බව අපට කිවහැකිය. තවද 1980 වර්ෂයේ දී පාසල් සිසු සිසුවියන් සඳහා පෙළ පොත් නොමිලේ ලබා දීමට අවශ්‍ය පියවර කලාප අධ්‍යාපන කාර්යාලය සමඟ මුසු වී ගෙන තිබේ. එපමනක් නොව පාසල් දරු දැරියන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සපුරා ගැනීමට වැසිකිළි 2 ක් ද, ගුරු මහතුන් සදහා ගුරු නේවාසිකාගාරයක් ද සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබේ.පාසලේ තාවකාලික වහලය සකස් කර ගැනිිම ද මුල් කාලයේ පැදුරේ සිට ඉගෙනුම් කටයුතුවල යෙදුණු දරුවන්ගේ දෙමව්පියන් විසින් තාවකාලික ඩෙස් බංකු ද මෙතුමාගේ මුුලිකත්වයෙන් සදා දී ඇත .පාසල් දරු දැරියන් සඳහා එන්නත් ලබාදීමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන්ගෙ සහය ලබා ගෙන ඇත. අතිමහත් සේවයක් පාසල වෙනුවෙන් කරමින් කටයුතු කළ මෙතුමා සාදා සිහිකිරීමට පාසලේ ශාලාවක් මෙතුමාගෙ නම්න් නම් කර තිබෙන්නේ කෘතවේදීතාවය දැක්වීමට බව නොරහසකි.

1982-1983

කේ.ඒ.පියසේන මහතා

පාසලේ දෙවන විදුහල්පතිතුමා සේවය කළ වන මෙතුමා තමන්ගෙන් පාසලට ඉටු විය යුතු වගකීම් යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් පාසලේ අධ්‍යාපන කටයුතුවල සංවර්ධනය උදෙසා නොමසුරු සහයෝගයක් ලබා දී ඇති බව අපට කිවහැකි ය. 1982 වර්ෂයේ සිට 1983 වර්ෂය දක්වා අඛණ්ඩව විදුහලේ අභිවෘදිය උදෙසා සුවිසල් මෙහෙයක් ඉටු කරන  ලදි. ක්‍රමක්‍රමයෙන් සිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික සංවර්ධනය සදහා පුබුදු ප්‍රජා මණ්ඩලයේ සහය ලබා ගෙන මුල්ම වරට 1982 වර්ෂයේ දී පාසල් දරුවන්ට කොළ කැද ලබා දෙන ලදී. 1983 වර්ෂය වන විට දරුවන් 189 ක් දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පහසුකම් සකසන ලදි. එම වර්ෂයේදී ම මිහිර පුවත්පත පාසල් දරුවන්ට ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

1983-1984

එස්.එම් ගුණදාස මහතා

පාසලේ තෙවන විදුහල්පතිතුමා වශයෙන් අතිමහත් සේවයක් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ඉටු කර ඇති බවක් පෙනේ. ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික කටයුතුවල සංවර්ධනය උදෙසා තම කාර්යයන් කෙටි කාලයක් තුළ දී වුවද නොපිරිහෙලා ඉටු කර තිබෙන බව මනවට පසක්වේ.

1984-1984

කේ.ඒ .පියසේන මහතා

පාසලේ සිව්වන විදුහල්පතිතුමා වශයෙන් අතිමහත් සේවයක් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ඉටු කර ඇති බවක් පෙනේ. ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික කටයුතුවල සංවර්ධනය උදෙසා තම කාර්යයන් කෙටි කාලයක් තුළ දී වුවද නොපිරිහෙලා ඉටු කර තිබෙන බව මනවට පසක්වේ.

1984-1988

ඩී.ඇම්.අබේරත්න මහතා

පාසලේ හිටපු විදුහල්පති තුමා තම වෘත්තීය මය පුහුණු වැඩමුළුව සඳහා පාසලෙන් බැහැර වූ පසු මෙතුමා විදුහල්පතිතුමා ලෙස සේවයට වාර්තා කරන ලදී.ඉන් පසු පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කළ බව මනවට පසක්වේ. මේ වකවානුවේ දී එනම් 1985 ජනවාරි පළමු ගුරුතුමිය වන J.A.D.S ස්වර්ණකාන්ති මිය පැමිණිය හ. තව ද මෙතුමා පාසලේ ගුරු මණ්ඩලය වැඩි කර ගැනිිමට උනන්දුවෙන් කටයුතු කර තිබෙන බව පෙනේ. පාසලට නව ගොඩනැගිල්ලක් ලබාගැනිිමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

1988-1988

පී.බී.ඩැනී මහතා

පාසලේ හයවන විදුහල්පතිතුමා වශයෙන් අතිමහත් සේවයක් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ඉටු කර ඇති බවක් පෙනේ. ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික කටයුතුවල සංවර්ධනය උදෙසා තම කාර්යයන් කෙටි කාලයක් තුළ දී වුවද නොපිරිහෙලා ඉටු කර තිබෙන බව මනවට පසක්වේ.

1988-1992

එස්.වි.ජී.පද්මසිරි මහතා

ක්‍රමයෙන් වසර ගණනාවක් ගතවත් ම 1990 වර්ෂය පමණ වන විට ගුරුභවතුන් 2 කුගෙන් ආරම්භ වූ ගුරු මණ්ඩලය 16 දෙනෙක් දක්වා වර්ධනය විය. දරු දැරියන් 225 කට ආසන්න පිරිසක් ඒ වනවිට පාසලේ අධ්‍යාපනය ලබන ලදි දරුවන් වෙනුවෙන් ඉටු කර ඇති බවක් පෙනේ. ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික කටයුතුවල සංවර්ධනය උදෙසා තම වගකිිම් නොපිරිහෙලා ඉටු කර තිබෙන බව මනවට පසක්වේ 1992 ක වර්ෂය තුළ පාසලේ ගොඩනැගිලි කිහිපයක් ඉදි කිරිිමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

1992-2010

කේ.ඒ.පියසේන මහතා

එස්.වි.ජී.පද්මසිරි මහතා පාසලෙන් යත්ම පාසල ආරම්භයේ සිට ම සේවය කළ ගුරු මහත්මයෙක් වුු කේ.ඒ. පියසේන මහතා තම වෘත්තීමය සුදුසුකම් සම්පූර්ණ කළ විදුහල්පතිතුමා වශයෙන් තුන්වනවරටත් අතිමහත් සේවයක් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ඉටු කර ඇති බවක් පෙනේ. මෙතුමා පාසලේ සංවර්ධනය වෙනුවෙන් කළ සේවය අපරිමිත ය. පාසලේ ගොඩ නැගිලි කිහිපයක් ම ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. * පාසලට අවශ්‍ය ව තිබු 1992 වර්ෂයේ විද්‍යාගාරය ඉදි කිරීම * පුස්තකාලය හා ප්‍රධාන ශාලාව ඉදි කිරිිම මෙන්ම පුස්තකාල ගුරුවරයා වශයෙන් කේ.සිරිපාල මහතා පත්කිරිිම. *තොරතුරු තාක්ෂණ ඒකකය සැකසිිම හා ඉගෙනිිමට අවස්ථාව සලසාදිිම. *1997 වර්ෂයේ මාර් තු මස10 දින පළමු අධ්‍යාපන චාරිකාව යෑම. *ජයග්‍රහන රැසක් මෙතුමාගෙ මග පෙන්වීම යටතේ පාසලේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් අත්පත් කරදි ඇත. පාසලට අවශ්‍ය කරන ගොඩනැගිලි ඩෙස් පුටු යනාදී භෞතික හා මානව සම්පත් සම්පත් සපයා ගනිමින් පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධන සදහා කැප වී කටයුතු කර තිබේ. පියසේන විදුහල්පතිතුමාගේ කාලයේ පාසලේ ගොඩනැගිලි විශාල ප්‍රමානයක් පාසලේ ඉදී වන ලදි.

2010-2022

ආර් .ඩී.ජයසේකර මහතා

වසර 12කට වඩා වැඩි කාලයක් ගුරු දෙමාපිය සිසු සිසුවියන්ගේ සිත් දිනා ගනිමින් පාසලට අවශ්‍ය පහසුකම් හැකි අයුරින් සලසා දෙමින් ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික කටයුතුවල සංවර්ධනය උදෙසා තම වගකිිම් නොපිරිහෙලා ඉටු කර තිබෙන බව මනවට පසක්වේ. තවද මෙතුමා අප පාසලේ ම සංවර්ධනය වෙනුවෙන් විවිධ ආයතන හා සම්ගම්වල සහය ලබමින් සිසු දරු දැරියන්ට ආර්ථික අපහසුතා මග හරවාගෙන ඉගෙනිිමට අවශ්‍ය පහසුකම් හැකි අයුරින් සලසා දෙන ලදි. තවද විශාල ජයග්‍රහන රැසක් මෙතුමාගෙ මග පෙන්වීම යටතේ පාසලේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් අත්පත් කරගෙන තිබේ

2022- සිට වර්තමානය දක්වා

එන්.එම් සී.පී.නිශ්ශංක මහතා

වර්තමාන විදුහල්පතිතුමා වශයෙන් සේවය කරන මෙතුමා පාසලේ ගුරු දෙමාපිය සිසු සිසුවියන්ගේ සිත් දිනා ගනිමින් පාසලට අවශ්‍ය පහසුකම් හැකි අයුරින් සලසා දෙමින් ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික කටයුතුවල සංවර්ධනය උදෙසා තම වගකිිම් නොපිරිහෙළා ඉටු කරන බවක් පෙනේ. තවද මෙතුමා අප පාසලේ ම සංවර්ධනය වෙනුවෙන් විවිධ ආයතන හා සම්ගම්වල සහය ලබමින් සිසු දරු දැරියන්ට ආර්ථික අපහසුතා මග හරවාගෙන ඉගෙනිිමට අවශ්‍ය පහසුකම් හැකි අයුරින් සලසා දෙනු ලැබේ. ඉතා පහල මට්ටමක තිබුු පාසලේ ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට ගුරු මණ්ඩලය හා එක්ව කටයුතු කරන බව ද පෙනී යයි. අප පාසල කලාපයේ හොද ම පාසල බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව අපට හෙළි විය.