මො/ගෝනගංආර කනිෂ්ඨ විද්‍යාලය

10 සහ 11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි කඳවුර 2024 නොවැම්බර් මස 22 වන දින පැවැත්වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-11-07 at 22.02.49_8b1dae75.jpg
WhatsApp Image 2024-11-07 at 23.14.30_3d2508a0.jpg
grade 5.jpg
IMG-20241106-WA0211.jpg

විදුහල්පති පණිවිඩය

එන්.එම් සී.පී.නිශ්ශංක මයා

මො/ගෝනගංආර කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන  දරු දැරියන් නවීන තාක්ෂණය සමග මුසු වී දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගින අප පාසල ඌව පළාතේ ඇති දීප්තිමත් පාසලක් බවට පත් කිරීම මූලික අපේක්ෂාවයි. අප විදුහලේ අධ්‍යාපනය ලබන සිසු දරුදැරියන් කලාප , පළාත් ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර,  පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසු සිසුවියන් ද බොහෝමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති.

මෑත කාලයක සිට අප පාසලේ අධ්‍යාපනය හා තාක්ෂණික අංශයන්ගෙන් පසුගිය වසරවලට වඩා විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබෙන බව කිව හැකිය. තවද අවට තිබෙන අනෙක් පාසල් සමග සහයෝගයෙන් එක්ව කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි. අප පාසලේ  සියලු දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතු හා තාක්ෂණික දැනුම සංවර්ධනය කර ගැනීමට සහයෝගය ලබාදුන් හා ලබාදෙන සැමට මාගේ හදපිරි ස්තුතිය පුද කරමි. තවද අප විදුහලේ සියලු ම දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන් ම යහගුණදම් වර්ධනය වෙමින් දිනෙන් දින සාර්ථකත්වය කරා ළගාවීමට ශක්තිය ධෛර් යය ලැබේවා යි! කියා ප්‍රාර්ථනා කරමි. 

 

 

එන්.එම් සී.පී.නිශ්ශංක මයා
විදුහල්පති
මො/ගෝනගංආර කනිෂ්ඨ විද්‍යාලය.